Health
මුත්‍රාගල් ආවොත් මොකද කරන්නේ?
ප්රශ්නය - පසුගිය ලිපි දෙකකින් මුත්‍රා රෝග සම්බන්ධ කරුණු රැසක් ඔබ අපට කියා දුන්නාග අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ අශ්මරී නමැති රෝගී තත්ත්වය ගැනයිග මෙය ඉතා සරව කියනවා නම් මුත්‍රා බොක්කේ ගල් හට ගැනීම ලෙස හඳුන්වනවාග මේගැන තවදුරටත් විස්තර කරන්නග
විශේෂඥ වෛද්‍ය ඒග ඒග ඡේග පුෂ්පකුමාර - සමහර අවස්ථාවලදී මුත්‍රා බොක්කේ ගල් වලින් කිසිම හානියක් වන්නේ නැහැග එනම් ඒ ගල කොතරම් විශාල වුණත් ගැටලුවක් නැහැග එහෙත් එම ගල් මුත්‍රා බොක්කේ බිත්තිවල ගැටෙමින් එම බිත්ති තුවාල කරන්නට පටන් ගත්තොත්ල එහෙමත් නැත්නම් එය මුත්රාවාහිනිය පටන් ගන්නා තැන හිරවුණොත් විශාල වේදනාවක් හට ගන්නවාග මුත්‍රා ගල් සෑදී ඇති බව එක්වරම දැක ගත හැක්කේ පහත සඳහන් රෝගලක්ෂණවලින්ග එනම්
1ග යටි බඩේ වේදනාව
2ග පුරුෂයන්ගේ නම් ලිංගේන්ද්‍රියේ හෝ වෘෂණ කෝෂ වල හෝ මේ දෙතැනම අස්වාභාවික වේදනාවක් සහ අපහසුවක් ඇති වීමග
3ග නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
4ග මුත්‍ර කිරීම දුෂ්කර වීම හෝ මුත්‍ර පහ කිරීමේදී එය ඇනහිටීමග
5ග මුත්‍රවලට රුධිරය කලවම් වීමග
6ග මුත්‍රවල දුර්වර්ණයක් ඇති වීමග
ප්රශ්නය - අශ්මරී රෝගය හට ගන්නේ ඇයිරෑ
විශේෂඥ වෛද්‍ය ඒග ඒග ඡේග පුෂ්ප කුමාර - ඔබේ මුත්‍ර බොක්ක සම්පූර්ණයෙන් ම හිස්නොවන අවස්ථාවලදී මුත්‍ර බොක්ක තුළ මුත්‍ර ස්පටික හටගන්නවාග ඒ අතර සමහර ආසාදන නිසාත් මුත්‍ර බොක්කේ ගල් හටගන්නවාග යම් විදියකින් පිටස්තර ද්‍රව්‍යයක් මුත්‍ර බොක්කට ඇතුළු වුණොත් එවිටත් ගල් හට ගන්නවාග මුත්‍ර ගල් හට ගැනීමට හේතුවන තවත් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේයිග
1ග පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමීම - මේ මගින් මුත්‍ර පහ කිරීමට අවහිරතා ඇති වනවාග එවිට මුත්‍ර ගල්ඇති වනවාග සාමාන්‍යයෙන් පුරස්ථිත ග්රන්ථ ඉදිමුනාම මුත්‍ර මාර්ගය අවහිර වීම ස්ථිර වශයෙන්ම සිදුවන දෙයක්ග
2ග මුත්‍ර බොක්කේ ස්නායු හානියටපත් වීම - මුත්‍රා පිරුණාම මුත්‍රා බොක්කේ බිත්ති තද කළ යුතුද එහෙමත් නැත්නම් ලිහිල් කළ යුතුද යන පණිවුඩය මොළයට දෙන්නේ මුත්‍ර බොක්කේ ඇති ස්නායු පද්ධතියයිග
මුත්‍ර පිරුණ විට ඒ බව දැනුම් දෙන්නෙත් මේ ස්නායු මාර්ගයෙන්ග එවිට මොළය පණිවුඩයක් ලබා දෙනවා මුත්‍ර පහ කරන්න කියලාග සාමාන්‍යයෙන් මුත්‍ර බොක්කේ ස්නායු හානියට පත් වන්නේ ආඝාතය (Stroke) වැනි රෝග තත්ත්වයක් නිසයිග එසේම සුසුම්නාව හානියට පත් වුණාමත් මේ පණිවුඩ හුවමාරුව හරියට සිදු වන්නේ නැහැග
3ග ප්‍රදාහ තත්ත්වයක් නිසාත් මුත්‍ර ගල් හට ගන්නවාග උකුළු ප්‍රදේශයේ හෝ මුත්‍ර මාර්ගයේ හටගන්නා රෝග තත්ත්වයක් සඳහා විකිරණ ප්‍රතිකාර කළ විටත් මුත්‍ර බොක්කේ ගල් ඇති වෙනවාග
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks